නුපුරුදු ඔබ දුටු - අසංක ප්‍රියමන්ත පීරීස්

නුපුරුදු ඔබ දුටු පළමු දිනේ
සුපුරුදු ලෙස දැනුනා
කෙදිනක හෝ විඳ පුරුදු ඇති
සුසුම් සුවඳ දැනුනා
දැනුනා මට සුසුම් සුවඳ දැනුනා...

පෙර කිසිදා ඔබ හමු වී නැති බව
ඉඳුරා කියත හැකි
හමුවී ඇත්නම් ඒ පෙර සසරේ
යුගයක වෙන්න ඇති

යුගයක වෙන්න ඇති...

නුපුරුදු ඔබ දුටු...

භවයෙන් භවයට පැතුම් පතා ගෙන
ඔබ මා ආවාදෝ
ඉසුරුමුණියෙ පෙම් දැහැන රකින්නට අපි මෙහි හමුවීදෝ
අපි මෙහි හමුවීදෝ...

නුපුරුදු ඔබ දුටු...


mp3 ලින්කුව මෙතනින්

No comments:

Post a Comment