මට කදුළු එන්න - දීපිකා ප්‍රියදර්ශනී පීරීස්

මට කදුළු එන්න කලියෙන්
මං දමා යන්න
නෑ හයියක් මට
නුඹ දැක දැක පලා යන්න
මට කදුළු එන්න කලියෙන්
මං දමා යන්න.....

මේ පුර හදකට පෝය ලැබෙන
අන්තිම මොහොතයි
හෙට අවපස වී
මං එනකොට අඩන්න නරකයි
තව එපා ඉන්න
තව එපා ඉන්න
ඔය ඇස් බැලුවම
මට බෑ හෙට තැලි අදින්න
මට කදුළු එන්න කලියෙන්
මං දමා යන්න.....

සද එන අහසක සුදු සීතල
සැමදා නුඹටයි
අපි හිනැහී ඉමු හැමදාකම
අපි අපි ළගමයි
දැන් ඉතින් යන්න
දැන් ඉතින් යන්න
අතැගිලි බැදුනම බැරි වෙයි
මුදු පළදවන්න.....

මට කදුළු එන්න.....

No comments:

Post a Comment