මේ අයුරින් අපි - ටී. එම්. ජයරත්න

මේ අයුරින් අපි සංසාරේ
ආදරයෙන් හමුවෙන්න ඇති
මේ අයුරින් අපි දවසක්දා
සසර මඟදි වෙන් වෙන්න ඇති..

සාලිය මාලා පෙම් බැඳි දා මම
සිටුකුමරෙකු වී ඉන්න ඇති
ඒ සිටුකුලයේ කුමරිය වී ඔබ
මේ ලෙස මට රිදවන්න ඇති..

මේ අයුරින් අපි....

අපරාජිත යැයි ඔබ පිදු ප්‍රේමය
පුදසුන මත පරවෙන්න ඇති
සාගර ජලයත් මදි හැඬුවා ම

ඔබ හින්දා ඔබ දන්නෙ නැති...

මේ අයුරින් අපි...

ආත්ම ගණනේ ඔබෙ පය පාමුල
මගෙ කඳුලින් සේදෙන්න ඇති
එදත් මගේ දුක් ආයාචනයට
අද මෙන් ඔබ හිනැහෙන්න ඇති..

මේ අයුරින් අපි...

No comments:

Post a Comment