අදින් පසුව නෑ - පුන්සිරි සොයිසා

අදින් පසුව නෑ අප හමුවන්නේ
මේ අවසන් දිනයයි
සසර පුරා අප අත්වැල් බැඳ ආ
ගමන මෙයින් නිමවෙයි...//

වරද මගේදැයි වරද ඔබේදැයි
නොඅසමි ඔබගෙන් මතු දවසේ...//
එකම මඟක යන දෙදෙනෙකු වෙමු අපි
නන්නාඳුණනා අය විලසේ..

අදින් පසුව නෑ...

කියන්න කිසිවක් ඉතිරිව නෑ මට
සියල්ල නිමවන මේ මොහොතේ...//
පිසින්න අවසර දෙන්න ලඳේ මට
අවසන් කඳුලත් ඔය දෙනෙතේ..

අදින් පසුව නෑ...

No comments:

Post a Comment