ඉකිගසා හඬන - අමරසිරි පීරිස්

ඉකිගසා හඬන අතීතයක
කඳුළු එක්ක ගනුදෙනු කරනා
මට මගේ නොවන
මගේම ආදරයක් තිබුණා...

හීනෙන් හිනැහී තුන්යම මා රවටා..
මැදියම් මහ රෑ අදටත් දුක ඉඟිලෙනවා..
නින්දෙන් ඇහැරී කළුවරේම යලි සොයනා..
මට මගේ නොවන..මගේම ආදරයක් තිබුණා..
මගේම ආදරයක් තිබුණා..

රිදුමක් වගේ කිසිදා සුව නොවෙනා..
සුසුමින් විතරක් නිරතුරුවම පිරිමදිනා..
මුහුණනු බැරිතැන උණු කඳුළුම වගුරුවනා..
මට මගේ නොවන..මගේම ආදරයක් තිබුණා..
මගේම ආදරයක් තිබුණා..//



mp3 ලින්කුව මෙතනින්

No comments:

Post a Comment