දොඹ මල් කැලෑවේ - ගුණදාස කපුගේ

දොඹ මල් කැලෑවේ බමරුන් ගැයූ
කවියක් වගේ ආදරේ
අත්වැල් බැඳන් යන්න
ලංවී ලඟින් ඉන්න..
සංසාර ගිරි දුර්ගයේ...//

රෑ පිණි පොදේ සීත මිටියාවතේ
මේ කේතකී මල් වනේ
සඳ සේ උදාවූ සෙනෙහේ නිමාවේද
දුක් දොරකඩින් හෙට දිනේ...

දොඹ මල් කැලෑවේ...

කටු තුඩු මතින් එන්න කුර ගාව ගාවා
හිනැහී දෙතොල් ඉරි තලා
පෑතුන් සඳක් නිසරු අහසේ පිප‍ෙවා
කටුවැට උඩින් පාවෙලා...

දොඹ මල් කැලෑවේ...

No comments:

Post a Comment