සීතල පොළවම - නන්දා මාලීනී

සීතල පොළවම සිරියහනක් වේවා
ගෝණි පඩංගුව මුදු පළසක් වේවා
ජේලර් මහතුන් නෑදෑයෝ වේව
තැටියේ බත්පත දිවබොජුනක් වේවා...

මා මුර ගෑවේ පිහිටක් අයදින්ටයි
ධන වැද්දෙකුගෙන් බඹසර රැක ගන්ටයි
ඔබ දිව ආයේ මාදිවි ගලවන්ටයි
අවි එසවූයේ යුක්තිය විසඳන්ටයි...

දිළිදු ළඳුන්ගේ කුමරි දිවිය උන්ගේ
කාසිය උන්ගේ ලොකු ලොකුවුන් උන්ගේ
පොලිසිය උන්ගේ කූඩුව අපෙ උන්ගේ
නීතිය උන්ගේ හිරබත අපෙ උන්ගේ...

තුලාව ගෙන නෙත්යුග බැඳ රෙදි කඩකින්
නීතියෙ යුවතිය වැජබෙයි අද නිදුකින්
ඔබවන් මිනිසුන් වෙනුයෙන් ඇණ සැතකින්
මරා දමමි ඇය මරා දමමි සැනෙකින්...

No comments:

Post a Comment