සුමුදු වලාවක - චන්දන ලියනආරච්චි

සුමුදු වලාවක අඳුර වෙලා නුඹ
මට දුන් කඳුළු බිඳු
සිනා මලක් වී යලි යලි පිපියන්
පෙම් කල සිතක මතු...//

සිහින සතක් මැද පෙනි පෙනි නොපෙනෙන
සුර කුමරියක් වෙලා..//
එපා හිඳින්නට දෙතුන් දැහැන් බැඳ
සිත පව් පුරනු එපා...


සුමුදු වලාවක...

බඹර තුඩට සුව මලක සුවඳ නොව
මල් අග රැඳුනු පැණි..//
සොඳුරු සිතක හැඩ රෝස කොපුල් යුග
දුටුවම කියනු බැරි...

සුමුදු වලාවක...

No comments:

Post a Comment