මේ උයන් තෙරේ - නිර්මලා රණතුංග

මේ උයන් තෙරේ මෙ තුරු සෙවනෙ
ඔබේ කතා මට තවම ඇසෙ
මේ නදී තෙරේ මේ අඩි පාරේ
ඔබේ සිනා මට තවම පෙනෙ...//

ඔබ එදා කියූ වදන් ලියා ඇති සිතේ
නැ ඉඩක් යලිත් සදා අන් සිතක් කෙරේ..//
අතර මගක මා දමා තනිව මේ ලොවේ
කොහෙද ඔබ ගියේ කියන්න කොහෙද ඔබ ගියේ...

මේ උයන් තෙරේ...

අප එදා පෙමින් වෙලී දෙපා නැගු මගේ
නෑ තවත් මැකී ගියේ මුදු වදන් ඔබේ...//
යලිදු ඔබ එතැයි පතා හිදිමි ඒ ලොවේ
කොහෙද ඔබ ගියේ කියන්න කොහෙද ඔබ ගියේ...

මේ උයන් තෙරේ...

No comments:

Post a Comment