ඉස්සර සෙනෙහස - නාමල් උඩුගම

ඉස්සර සෙනෙහස 
තිස්සෙම හදතුල 
මැවි මැවි රිද්දනවා 
ඇස් දෙක වස්සන කඳුළැලි දුටුවම 
ඔබ මට හිනැහෙනවා....// 

සුවඳක් දැනුණත් තවමත් ආසයි 
පණ මෙන් පිදු හින්දා 
මගේ අහිංසක හිත තැලුවත් නෑ 
තරහක් මට දැනිලා...

ඉස්සර සෙනෙහස...

දම් පැහැ ගවුමයි රතුමල් කුඩයයි
තාමත් තියෙනවද 
එපා වුණත් මා එපා දවන්නට 
ඒ ආදර තිළිණ....

ඉස්සර සෙනෙහස....

No comments:

Post a Comment