රන් තරු පායන - කීර්ති පැස්කුවෙල්

රන් තරු පායන අහස බලාගෙන
ඇයි ඔබ තව හිනැහෙන්නේ
මගෙ හද දිනු ආදරය සොරාගෙන
වෙනකෙ‍කු නොවැ අද එන්නේ....

මිහිර සොයාගෙන මගෙ ජීවය ගැන
කඳුලැලි හා ලතවන්නේ
සමාවෙයන් සොඳුරියෙ තවමත් මා
අතමයි වරද තියෙන්නේ....

කුඩා රුවල මැද තනිව සයුර මැද
ඈත අතීතය දෙස බැලු ඈ
කොහේ සිටන් කොයිබට මා යාවිද
මටනම් නැහැ වැටහෙන්නේ....

රන් තරු පායන....

පලා දෙපලුකර හදවත දේ නම්
කාට එකතු කල හැක්කේ
බලාගන්න සෙනෙහස තව ඔබටයි
මා හද තුල හැමවේලේ....

රන් තරු පායන...

මිහිර සොයාගෙන මගෙ ජීවය ගැන
කඳුලැලි හා ලතවන්නේ
සමාවෙයන් සොඳුරියෙ තවමත් මා
අතමයි වරද තියෙන්නේ....///

No comments:

Post a Comment