හිරු හිනැහෙන - බණ්ඩාර අතාවුද, චන්ද්‍රලේඛා පෙරේරා

හිරු හිනැහෙන ඝණ නිල්වන් අහසේ
පහනකි මා හිරු එලියෙහි නොදිලෙන
පහන ඔබය ඔබමය මා පැතුමද
හිරු නොව සැඩ කිරණින් මා වෙහෙසන.....//

සඳ දිදුලන පුර පෝදා අහසේ
තරුවකි මා සඳ එලියෙහි නොදිලෙන
තරුව ඔබය ඔබමය මා පැතුමද
සඳ නොව කල එලියෙන් දුර බබලන.....

හිරු හිනැහෙන ඝණ නිල්වන් අහසේ...

උඩවැඩියා සුපිපෙන වන උයනේ
කුසුමකි මා තණ බිම මත සැඟවුණ
කුසුම ඔබය ඔබමය මා පැතුමද
උඩවැඩියා මල නොව නෙත පිනවන

හිරු හිනැහෙන ඝණ නිල්වන් අහසේ... .//

No comments:

Post a Comment