කිරි ඉද්ද ගහට - ක්‍රිෂාන්ත එරන්දක

කිරි ඉද්ද ගහට සුද අරගෙන සඳ එන දවසට
සිහිනයක් වෙලා ඔබ හිඳින්න මගෙ ඇසිපිය යට
ඒ ඇති මැණිකේ මට ඒ ඇති මැණිකේ මට
සිහිනයක් ලෙසින් ගිලිහී යන අපෙ හෙට දවසට...

අප නැතැයි කියා වැරුවද ගස් වැල් මල් සම්පත
ගඟ නතර වුණාදැයි කියන්න මුවදොර නොම දැක..//
පසු තැවෙන අපේ සිත් තනි කර ලොව දුර ගමනක...

කිරි ඉද්ද ගහට...

මේ නුවර එදා වගෙමයි අප පෙමින් ඇවිද ගිය
මුහුණුවර දන්න ගස් වැල් අප නැතත් පඳුරු ලන...//
ජීවිතය කියා දී එකිනෙක පරමල් හිනැහෙන...

කිරි ඉද්ද ගහට...

1 comment: