කඳුලු පිසදාලන - බණ්ඩාර අතාවුද

කඳුලු පිසදාලන සඟවාලන ‍
රැයේ සෙනේ මල්
සිතම සනසාලන සතපාලන
නුඹේ සිනා මල්...//

අවර නැකත නොවේ
තරු පීදෙන සඳ පායන නුඹමය රාත්‍රී
සතු‍ටු කඳුලු පිපේ
මල් යායක සිත්යාකල නුඹ මගේ දේවී...

කඳුලු පිසදාලන...

අරුණ ගලන පැයේ
නෙත් මානෙන් ඉගිළීයන නුඹමය රාත්‍රී
සිතට තනිය නොදී
තුන් තිස්පැය මල් යහනට වැඩපන් දේවී...

කඳුලු පිසදාලන...//

No comments:

Post a Comment