සලා දෙනෙත් යුග - නිශාන්ත ප්‍රදීප්

සලා දෙනෙත් යුග ඉඟිකර හොරෙන් බලා
සිනාසුනා මට ඔබ ගැන හැඟුම් පොවා
කොහේ ගියේ ඔබ මගෙ සිත තලා පෙලා
සනාතනයි කියු අපමණ පෙමක් දවා....

එදා පෙමින් ඉඟි කලේ ඔබයි
සදා දුකින් තනිවුනේ මගේ ලොවයි
අදත් මගේ සිත ඔබට හැඟුම් බරයි
දුකින් වුනත් සිත තවමත් ඔබ සොයයි...

සලා දෙනෙත් යුග...

පුරා සඳක් ලෙස පෙනේවි දැයි
බලාන ඉන්නවා ඔබ නොපෙනෙයි දුකයි
බිඟුන් අරන් ගියේ මගේ මලයි
දුකින් වුනත් සිත තවමත් ඔබ පතයි..

සලා දෙනෙත් යුග...

No comments:

Post a Comment