සඳකට තහනම් - නාමල් උඩුගම

සඳකට තහනම් අහසින් බැස යන්න
මලකට තහනම් නටුවෙන් ගිලිහෙන්න
ඔබ මගෙ නාමෙන් මොහොතක් ඉවසන්න
සෙනෙහස වෙනුවෙන් කඳුලැලි උහුලන්න...

අමාවකට ඇති කලුවර අපමණය
සමාව වෙනුවට අපි අද දෙතැනකය
ඔයා නමට ලියු අන්තිම කවි පදය
දරා ගන්න බැරි ගින්දර විතරමය...

සඳකට තහනම්...

පුංචි පැටව්ගේ ලෝකය බිඳුනාම
සොඳුරු කැදැල්ලේ ලස්සන මැරුණාම
හිතන්න රන්කඳ පෙම් කළ හින්දාම
පවු සිදු වෙන්නෙත් මේ අපි දෙන්නාට...

සඳකට තහනම්...

No comments:

Post a Comment