බලා ඉන්නම්
කල්ප ගාණක් උනත් මං
 එදා කී කථා
සිත පතුලේ තියා...// 
 ඔබ හැර ගිය පෙම්බර හිත
තනියෙන් ඉකි බින්දා
හද මඩලේ ඔය රුව මා
ගෙත්තම් කෙරුවා...// 
 ඔබට මා පෙම්කලා
විදවලා හැරගියා
ඔය මුවේ මුදු සිනා
මැවෙනවා පෙනෙනවා... 
 බලා ඉන්නම්
කල්ප ගාණක් උනත් මං
එදා කී කථා
හිත පතුලේ තියා...// 
 මගෙ මැයි කියූ දිගු දෙනයන
 අද මට හිමි නැතිවා
මුළු ලොව මට ලැබුනත් මදි
ඔබ නැති හන්දා...// 
 ඔබට මා පෙම්කලා
විදවලා හැරගියා
ඔය මුවේ මුදු සිනා
මැවෙනවා පෙනෙනවා
 බලා ඉන්නම්.. 
No comments:
Post a Comment