සිහින ලොවක් දුටුවා මතකයි
 සිහින ලොවෙන් ආවා මතකයි ..//
 
 සොඳුරු මිහිර සුව පහස ගෙනෙන ඒ 
 ආදර බර උණුසුම මතකයි 
 ඉර සඳු තරු කැට 
 පායන මිහිපිට 
 ආදරයෙන් බැඳුණා මතකයි 
 
 සිහින ලොවක්...
 
 අප හදවත් ඒ නොමියෙන ලෙස බැඳි 
 ආදරයෙන් පිරුණා මතකයි 
 සිතට දැනෙන දැනෙන සුව 
 ගතට දැනෙන බව 
 ඔබ රහසේ කීවා මතකයි 
 
 සිහින ලොවක්...
No comments:
Post a Comment