හිරුද මුවා වී ලැසි ගමන බලාවී.. //
 කිංකිණි හඬ පරදන කැකිරි පැලෙන කොමළ හිනා..//
 හිරුද මුවා වී ලැසි ගමන බලාවී..//
 
 කට කැඩි කළය අරන් කුඹුකෙ ළිඳට දියට ඇදෙන..//
 ඉර බටු තරුව වගේ ගමට සිරිය සතුට ගෙනෙයි
 
 හිරුද මුවා වී ලැසි ගමන බලාවී...
 
 කළුවර ගලන වෙලේ නොයන් ගමන් නියර දිගේ..//
 බක් මහ නැකත් බලා එළිය කරන් ගෙපැල මගේ
 
 හිරුද මුවා වී ලැසි ගමන බලාවී...
No comments:
Post a Comment