මට වාසනා ඔබ මට වාසනා
 උපන් නූපන් හැම ආත්මයේ
 මට ඔබ ඔබ මට වාසනා
 ඔබ මට මට ඔබ වාසනා
 
 ඔබේ නෙත් දොළොස් මහේ පහණ වේ //
 කල මැන දල්වන්න ආරාධනා //
 පෙර භවයේ වියෝග අඳුරේ නිවුනු තැනින්
 
 මට වාසනා ඔබ මට වාසනා
 උපන් නූපන් හැම ආත්මයේ
 මට ඔබ ඔබ මට වාසනා
 ඔබ මට මට ඔබ වාසනා
 
 සුරතින් සුළං මුවා කරලමි //
 නොනිමනු මැන ප්‍රේම ප්‍රාර්ථනා //
 අප අපගේ අනෝම ඇසුරේ වෙලෙමු සදා
 
 මට වාසනා ඔබ මට වාසනා
 උපන් නූපන් හැම ආත්මයේ
 මට ඔබ ඔබ මට වාසනා
 ඔබ මට මට ඔබ වාසනා
 මට වාසනා....
No comments:
Post a Comment