සඳකැන් වැසිලා - වික්ටර් රත්නායක

සඳකැන් වැසිලා අඳුරේ එතිලා
ගණඳුරු රෑ තනිකම නෑ
සොයා එන්න ගණඳුරු තරු නිවලා
මගේ එළිය අද ඔබ පමණී...//

ජිවිතම සතු එකම සුවේ
හී සර පහරක වෙලෙනු පෙනේ...//
මේ ලොව මා සතු ඈ සතු ඒ නෙතු
අසල් වාසියෙකු සොයනු දැනේ...

සඳකැන් වැසිලා...

මා නැත අන්සතු සිත් බිඳලා
දෑතම බැඳගෙන ඉඳිමි බලා...//
මේ ලොව යම් දවසක අපි වෙන්වෙමු
රහස් අහස් තලයට පවසා...

සඳකැන් වැසිලා...





mp3 ලින්කුව මෙතනින්

No comments:

Post a Comment