ආශාවරී - කල්පන නයනමදු

ආදර අඹරෝරේදි ඔබ මා මග හැර ගියදා
කඳුලැලි සයුරෝරෙහි කාලය ගිලී ගියා
මේ සඳකැල්මවත් මගෙ දුක ‌‍‍දැක්කනම් එදා
විඳවන්න තිබුනා මට ඔබ සිහිකර මෙදා

අශාවරී ඔබේ නම පවා මියුරුයි කියා සිතුවත් එදා 
ආශවරී ඔබේ තරම් වියරුයි කියා සිතන්නවත් මට බෑ මෙදා 

ලස්සන දවසක හවසක හමුවී ඒ විසිතුරු උයනේ
උණුසුම විද විද ඔබ මා තුරුලේ 
හිනැහුණු තරමට ඔබගේ 
ගත මා ලගමුත් හිත ඈතක බව නම් නෑ දැනුනේ 

අශාවරී ඔබේ නම පවා මියුරුයි කියා සිතුවත් එදා 
ආශවරී ඔබේ තරම් වියරුයි කියා සිතන්නවත් මට බෑ මෙදා 

අවරට යන හිරු සඳ වාගේමද මා දුටුවේ
වෙරළට එන රළ ආපසු යන බවවත් නෑ දුටුවේ 
පහසම පමණද පැතුවේ 
මා අත අත්හැර අතින් අතට යනෙනා ළදුනේ

අශාවරී ඔබේ නම පවා මියුරුයි කියා සිතුවත් එදා 
ආශවරී ඔබේ තරම් වියරුයි කියා සිතන්නවත් මට බෑ මෙදා //


mp3 ලින්කුව මෙතනින් 

No comments:

Post a Comment