මම නුඹට ආදරෙයි - ක්‍රිෂාන්ත එරන්දක


මම නුඹට ආදරෙයි
නුඹෙ පෙමට ආදරෙයි
මට නැතුවට ඔහුට පුදන 
පෙමට ආදරෙයි...//

ප්‍රේමය මල් උයනක් යැයි සිතා සිටින විට
විස කටු ළය පුරා ඇනී රිදුම් ලබන කොට
දෝර ගලන නුඹෙ සෙනෙහස ඔහු වෙනුවෙන් කැපවන විට
යා යුතු මඟ නිනවු නැතිව තේරුම් නෑ මට

මම නුඹට ආදරෙයි....

ප්‍රේමය මද පවනක් යැයි සිතා සිටින විට
සුළි සුළඟක් වී ගත සිත තලා දමන කොට
මුතු කුඩයකි ඔබෙ සෙනෙහස සදා නිවන ඔහු සරතැස
වෛර කරන්නේ කෙළෙසද අන්සතු පෙමකට...

මම නුඹට ආදරෙයි....



No comments:

Post a Comment