රෝස මලට කියනවාද - ක්‍රිෂාන්ත එරන්දක

රෝස මලට කියනවාද 
මා මියගිය බව
කියන්නෙපා රෝස ගහේ කටු 
විසවුනු වග....//


මල වටකර කටු සැදුනේ 
පෙති රකින්න නම්
තරහගන්නේ කොහොමද 
අතු ඉතුත් එක්ක මං...//

රෝස මලට......

මගෙ සොහොනට ආවොත් 
ඈ අවසර විගසින්
කියන්න මං පෙම්කල බව 
රෝස ගහ තරම්..//

රෝස මලට......

No comments:

Post a Comment