මහරගමට වහින්නැතිව
වහින්න ඕනෑ තැනකට
කුඩයක්වත් අතේ නැතිව
කුඩයක්වත් අතේ නැතිව
ඈ ඇති බස් නැවතුම ලඟ...//
උදේ ඉඳන් වද විඳලා
උදේ ඉඳන් වද විඳලා
දැනුයි ගියේ වැඩ ඇරිලා...//
ඇඳන් හිටපු සාරියමයි
ඇඳන් හිටපු සාරියමයි
හෙටත් අඳින්නේ කියලා
හෙටත් අඳින්නේ කියලා...
මහරගමට වහින්නැතිව...
මහ වැස්සට තෙමුනොත් ඈ
මහරගමට වහින්නැතිව...
මහ වැස්සට තෙමුනොත් ඈ
හෙට අඳින්න ඇඳුමක් නෑ...//
මග හිටියොත් වැස්ස නිසා
මග හිටියොත් වැස්ස නිසා
ගෙදර යන්න වෙන්නෙත් රෑ
ගෙදර යන්න වෙන්නෙත් රෑ...
මහරගමට වහින්නැතිව...
No comments:
Post a Comment