සුදු පාට මල් - කරුනාරත්න දිවුල්ගනේ

සුදු පාට මල් වැටුනු අරලියා සෙවන යට
බාලිකාවේ සුවද තනිවෙලා
අපි ඉතින් වෙන්ව යමු අපි අතින් ගිලිහ ගිය
සියලු දේ අතීතෙට පවරලා..

ඈසල සද දිය නොවුන ඈත වෑවු තල කොනෙක
ගයා නිමවු කවිය ඉකිබිදී
අපට අප පමනක් නොවේ නෑන නුවන් සෑදු
තක්සලාවත් අහිමි වීලා..

සිනා සරදම් පිරුනු පන්ති කාමර අතර
ගෙවී ගිය මල් සමය සිහිනෙකි
සදට ඉකි බිදි හඩන නොදරුවන් නොවී යලි
සිනාසෙමු අතීතෙට සෙනෙහසින්..

සුදු පාට මල් වැටුනු...

No comments:

Post a Comment