සිතින් විතරක් - චාමර වීරසිංහ

සිතින් විතරක් පෙම් කරන්නම්
දුරින් හිද ඔබ දෙස බලන්නම්
ලංව ඉන්නට බෑ ඔබේ
අපට අප හිමි නෑ ලොවේ
ඔබට මා හිමි නෑ මට ද ඔබ හිමි නෑ...

නිසල නෙතින් ඔබ මදෙස බලා ඉදී
දෙතොල් ඔබගේ මද හසින් සැරසේ
දෙනෙත් ඔබ වෙත පා කරනු බෑ
දෙතොල් සිනහ මවනු මට බෑ
අපට අප හිමි නෑ ලොවේ
ඔබට මා හිමි නෑ මට ද ඔබ හිමි නෑ....

සිතින් විතරක්...

සසල වුනත් මගෙ සිතිවිලි ඔබ ලඟ
නිසල කරන් මම ඉන්නම් සෑම දින
කාත් කවුරුවක් නොමැති මා හට
ඔබත් අහිමිව ගියපු අරුමය
අපට අප හිමි නෑ ලොවේ
ඔබට මා හිමි නෑ මට ද ඔබ හිමි නෑ....

සිතින් විතරක්...

No comments:

Post a Comment