හිත දුර හන්ඳා - ආත්මා ලියනගේ

හිත දුර හන්ඳා නෙතු ලග හංඟා
සිහින ගණින හින්දා
තනිකම හංඟා ඈතක රන්දා
මතක හිත ඇහින්දා
අරුත කියන සෙනෙහේ
නුඹම වේද මංදා...//

ඈත අතීතෙක අමතක සෙනෙහේ
හිතවත් කරනා...
සිහින පොතේ කවි දහසක් අතරේ
නුඹමයි හිදිනා...
නොමැකෙන සේ හදවතේ ඉන්න නුඹ
අළුතින් පතනා...

හිත දුර හන්දා....

අහස වගෙයි නුඹ සිතුව අතීතේ
මතකෙට නැගෙනා..
හැඩවෙන ලඟ තනියට ඉන්නම්
නුඹමද කියනා...
ඉස්සර දවසක තහනම් හීනේ
ආයෙත් දකිනා...

හිත දුර හන්දා....



mp3 ලින්කුව මෙතනින්

No comments:

Post a Comment