සීත අරණේ - මිල්ටන් මල්ලවආරච්චි

සීත අරණේ සුපුල් නාමල
සුවඳ ගැල්වූ ජීවිතේ
සීත හිමගිර සීත නොදැනේ
දැනේ උණුසුම ආදරේ....

ලතාවක් සේ වෙලී සියොලඟ
පතමි රැකවරණය ඔබෙන්..//
සදා දෝතින් මලක්සේ ඔබ
වැලඳ ගන්නෙමි හදවතින්
හදවතින්...

වළාවක් සේ අයාලේ ගිය
සිතට නිවහන ඔබ ලඟයි..//
මහා කතරෙක ගෙවූ තනි මග
නිමා කල ඉම ඔබ නෙතයි
ඔබ නෙතයි...

සීත අරණේ...

No comments:

Post a Comment