අරලිය ලන්දට - නන්දා මාලිනී

අරලිය ලන්දට  සඳ පායන කොට
තුරුලිය මල් වට  බඹරු බමන විට
සිය සිය සිය දහසට  ඇඟිලි ගණිනා මට
ඔබ ගැන සිහිවෙනවා එතකොට
ගී පද ලියැවෙනවා...

රඹවන් හේනේ  කරල් පැසෙන කොට
අඹ මල් ගානේ  ගිරව් හඬන විට
දොඹ තුරු මානේ  සෙවන දකින මට
ඔබ ගැන සිහිවෙනවා  එතකොට
සිතිවිලි ඉගිලෙනවා...

අරලිය ලන්දට...//

දඬු‍වැල් බෑ මී  සුවඳ දැනෙන කොට
පඬුවන් අහසේ  තරු පායන විට
හැඬුමට නොහැකිව  දෙඇස වසන මට
ඔබ ගැන සිහි‍වෙනවා  එතකොට
සිහිනය උපදිනවා....

අරලිය ලන්දට...//

No comments:

Post a Comment