ආදරේ කටු සටහන් - නලින්ද රණසිංහ

ආදරේ කටු සටහන් අපේ
ඉතිරිවී තියෙනවනම් හිතේ
ආයෙමත්  ආයෙමත්  ආයෙමත්
වෙමු අපි අපේ...

පාළු කෙත්වල පියමන්
කරපු අපි පිය සටහන්
මතකෙ ඔබෙ තියනවානම්
හමුවෙලා වෙන් නොවන ලෙස
ආයෙ කරමුද අපි පෙම්...

හදවතේ තව ඉඩ ඇත්නම්
වෙන කෙනෙක්හෙම ලඟ නැත්නම්
පෙම් ලොවට පා විස්කම්
පෙර වගේ එක්වෙලා
කරමු අපෙ පෙම ගෙත්තම්...

ආදරේ කටු සටහන්...

No comments:

Post a Comment