ගීතයක් සේ - අසංක ප්‍රියමන්ත පීරීස්

ගීතයක් සේ මතුවෙයන්
නොසිතූ වෙලාවක
හීනයක් සේ ඉපැදියන්
තනිවූ විරාමෙක...//
මා හැරදමා ගිය මියුලැසී...

හෙට දිනක් පෙර මඟක් අරමුණක් නැති
ගෙවෙන දිවියේ ඉසිඹුවක් ලෙස හෝ
ගෙවුනු රස බර මතක මතුකර හිනැහියන්
මා හැර දමා ගිය මියුලැසී...

ගීතයක් සේ...//

හිනැහෙමින් වැලපෙමින් තුටු සිතින්
පෙම් පිරූ සමයේ සලකුණක් ලෙස හෝ
පුරුදු ඉමිහිරි සිහින සමඟින් දැවටියන්
මා හැරදමා ගිය මියුලැසී...

ගීතයක් සේ...//



mp3 ලින්කුව මෙතනින්

No comments:

Post a Comment