රුවක් ඇදෙනවා - කරුනාරත්න දිවුල්ගනේ , ගුණදාස කපුගේ

රුවක් ඇදෙනවා කවුදෝ එනවා
මීවිත ඇදිරිය දෑස වසනවා
හද පොදි බැදි දුක දියකර පා කර
ඔබේ ලොවට මා මොහොතින් එනවා...

සොදුරු යොවුන්විය මල් මඟ මුල හිද
කිම තොල මීවිත පොඟවන්නේ...//
නුරා විරහ ගිනි නිවා දමන්නයි
සුරා වකින් මා දෙතොල තෙමන්නේ..

රුවක් ඇදෙනවා...

නැගුනු නුරා ගිනි මිනි පොද වැටිලා
හතර අතින් දළුලා එනවා...//
අවන්හලේ මීවිත තනිකරලා
වරෙන් මලේ පියවර නගලා...

රුවක් ඇදෙනවා...

No comments:

Post a Comment