සිනා පොදක් වී - දීපිකා ප්‍රියදර්ශනී පීරීස්

සිනා පොදක් වී ඔබගේ දෑසේ
නිදන් ව ඉන්නට පෙරුම් පිරූ මට
කඳුලැල්ලක් වී ඔබගෙ දෑසින්
ගිලිහී යන්නට උරුම කලේ ඇයි....//

සෙවනැල්ලක් සේ ඔබ දිවි ගමනේ
අත්වැල වන්නට සැරසී උන් මා...//
මිරිඟුව දක්වා නෙතු යුග නවතා
වල්මත් කරදා සැඟව ගියේ ඇයි
වල්මත් කරදා සැඟව ගියේ ඇයි...

මල් කැකුලක් සේ ඔබ හද උයනේ
විකසිත වන්නට සැරසී උන් මා...//
සිත ගිනි අවුලා පියවර අවුරා
අසරණ කරදා ඉවත ගියේ ඇයි
අසරණ කරදා ඉවත ගියේ ඇයි....

සිනා පොදක් වී....

No comments:

Post a Comment