සෙනෙහකට අරුතක් - අසංක ප්‍රියමන්ත පීරීස්

සෙනෙහකට අරුතක් පුරවන්නට
අහසේ තරු ගැන්නා
වෙරළේ රළ මැන්නා
සීමාවක් මායිමක් නැතැයි කී
සෙනෙහස ඇයි දෙතැනක තනිවී.....

කැකුළක් සිදුනෙන් හදවත පිපුණු
කඳුලෙන් අතුමත විස තිබුණා
බිඳුනොත් බඳුනක පිළියම් කරනට
බැරි කැළලක් මතුවී පෙනෙනා...

සෙනෙහකට අරුතක්......

පවකින් පෙර අත් භවයක සිදුවු
සිතකින් සිතකට දුක පිරුණා
මගෙ අත දිගු කළ හැකි හැම තැනදී
ඔබ අත මහ දුරකින් තිබුනා....

සෙනෙහකට අරුතක්......


mp3 ලින්කුව මෙතනින්

No comments:

Post a Comment