උන්මාද සිතුවම් - ගුණදාස කපුගේ

උන්මාද සිතුවම් මැවේ බිඳේ
මීදුම් වළා මැද අතීතයේ
බිඳුණු පෙමින් ගිණිගත් හදවත්
තනිවේවී එක්ටැම් ගේ....

අනන්ත සයුරේ බියකරු දිවි දියඹේ
පාළු හුදකලා සුළග පමනි උරුමේ
හඩා වැටෙන සිත සදා සරණ මට
තනිවේවී එක්ටැම් ගේ...

උන්මාද සිතුවම්.....

දහසක් මල් මැද එකම මලයි පැතුවේ
එමල කිමද සරදම් කර සැඟව ගියේ
දැනේ තවම මට මලේ සුවඳ පොද
තනිවේවී එක්ටැම් ගේ...

උන්මාද සිතුවම්.....

No comments:

Post a Comment