එපා කඳුළැල් සලා - ආත්මා ලියනගේ

එපා කඳුළැල් සලා
හඩන්නට ඔබේ නෙත
මල් සුවඳ ගලා
සිප ගනී ඔබේ රුව....//

එපා සුසුමන් සලා
රිදවන්න ඔබේ හද...//
සියොත් කැල ගී ගයා
සතපවයි ඔබේ සිත
සතපවයි ඔබේ සිත....

එපා කඳුළැල්.....

ආදර හැඟුමන් සලා
මිරිඟුවක වෙලෙන්නෙපා....//
ඔබේ හද පුදසුනේ
හිමි කුමරු එන තුරා
හිමි කුමරු එන තුරා...

එපා කඳුළැල්.....



mp3 ලින්කුව මෙතනින්

No comments:

Post a Comment