උන්මාද වූ ප්‍රේමාදරේ - කමල් අද්දර‍ාච්චි

උන්මාද වූ ප්‍රේමාදරේ 
සමනළ වසන්ත යව්වන යේ
සංසාරයේ සුභ ප්‍රාර්ථණා  
ඉදුනිල් දෙනයන සටහන් වේ..//

රළ පෙළ කැළබේ හසගන විලසේ 
ලවනට සුදුමුදු පහස ලැබේ දෝ//
ඔබ හදවත මා හදුනාගත් සේ 
මා හදවත ඔබ හැදින ගනී දෝ...

සංසාරයේ සුභ ප්‍රාර්ථණා  ඉදුනිල් දෙනයන සටහන් වේ
උන්මාද වූ ප්‍රේමාදරේ සමනළ වසන්ත යව්වන යේ....

කිඳුරු කොදෙව්වේ කසුන් කුමාරිකාවී 
සයුරු තෙරෙන් සැගවී ආවා දෝ//
චන්ඩ මාරුතේ ඉන්ද්‍ර කීලයක් වගේ 
නොසැලී ඉන්නට වරම් ලැබේ දෝ.

සංසාරයේ සුභ ප්‍රාර්ථණා  ඉදුනිල් දෙනයන සටහන් වේ
උන්මාද වූ ප්‍රේමාදරේ සමනළ වසන්ත යව්වන යේ...

ඉදුනිල් දෙනයන සටහන් වේ, සමනළ වසන්ත යව්වනයේ//

No comments:

Post a Comment