පියවුණා - ඉන්ද්‍රචාප ලියනගේ

පියවුණා දෙනෙත් නිදි මතින්
ඇවිළුණා ගිණි පුපුරු සිතිවිලි පතුළේ
ළං වුණා අඳුර සෙවණැලි මකා දමා
පියවුණා සුසුම ආ
බොහෝ
කළකට කලින්
නැවතුණු හදෙන් හදෙන් හදෙන්
නැවතුණු හදෙන් හදෙන් හදෙන්

කාලය ගෙවුණා අපි අපිට අහිමි කරමින්
මතකය තිබුණා නොමැකී මනසේ හැංගී
කළකට කලින් කලින් කලින්
නැවතුණු හදෙන් හදෙන් හදෙන්

යළිත් හමු වුණා නොගිය ගෙවුණු මොහොතක්
රූරා ගලනා වියලී නොමැති රුහිරු
කළකට කලින් කලින් කලින්
නැවතුණු හදෙන් හදෙන් හදෙන්

No comments:

Post a Comment