සඳකැන් වැසිලා - වික්ටර් රත්නායක

සඳකැන් වැසිලා අඳුරේ එතිලා
ගණඳුරු රෑ තනිකම නෑ
සොයා එන්න ගණඳුර තරු නිවලා
මගේ එළිය අද ඔබ පමණී //

ජිවිත
ම සතු එකම සුවේ
හී සර පහරක වෙලෙනු පෙනේ //
මේ ලොව මා සතු ඈ සතු ඒ නෙතු
අසල් වාසියෙකු සොයනු දැනේ

සඳකැන් වැසිලා...

මා නැත අන්සතු සිත් බිඳලා
දෑතම බැඳගෙන ඉඳිමි බලා //
මේ ලොව යම් දවසක අපි වෙන්වෙමු
රහස් අහස් තලයට පවරා

සඳකැන් වැසිලා...

No comments:

Post a Comment