දිනෙක හිරු බැස - වික්ටර් රත්නායක

දිනෙක හිරු බැස යන වෙලාවක
සයුරු වෙරලක හුදෙකලාවෙක
කල්පනාවේ සිටිය මොහොතක
මතක් විය සිතුවිලි අතීතෙක....//


සයුර මා විය අහස ඔබ විය
දෙදෙන ලංවු ක්ෂිතිජයක් විය
ඒ වෙලාවේ මට මතක් විය
කලක් ලොව අප ගැන සිතූ හැටි......

දිනෙක හිරු බැස...

සයුර මා විය අහස ඔබ විය
දෙනෙත රැවටූ ක්ෂීතිජයක් විය
කී කතාවේ අරුත වැටහින
අහස සමුදුර එකතු වී යැයි....

දිනෙක හිරු බැස....

No comments:

Post a Comment