පියමන් කෙරුවෙමු - සෝමතිලක ජයමහ, නීලා වික්‍රමසිංහ

පියමන් කෙරුවෙමු මහ වෙල් මැද්දෙන්
පෙම් බස් දෙඩුවෙමු උයන් කොනෙක හිද
ශිල්ප උගත්තෙමු නැණ ලැබ ගත්තෙමු
දෙපා වාරු නැත ඔබ හැර යන්නට....//

නිල් තණ පලසෙ ගැටුනු දෙපාවයි
කෝල හැගුම් කෙලි කවට සිනාවයි....//
මල් නැටුමයි කලගෙඩි නැටුමයි
මගේ දෑස තුල යලිත් ඇදේවිද
මගේ දෑස තුල යලිත් ඇදේවිද....

පියමන් කෙරුවෙමු...

නෙත කදුලින් හස කැනින් මුවාකල
සොදුරු පැතුම් පුරවා මනමත් කල........//
මගෙ කෙලිලොල් විය ගෙවුනු වගයි
මා හැදු පාසල් මවුනි දයාබර
මා හැදු පාසල් මවුනි දයාදර....

පියමන් කෙරුවෙමු...

No comments:

Post a Comment