සුසුමන් සලයි - උදය ශ්‍රී

සුසුමන් සලයි නෙතු පියන් ඇරෙයි
උණු කඳුළු වැටෙයි උණුහුම සිසිලයි
තත්පරයක් හෝරාවක් කප්සුවහස්කල්
ඔබේ රුව.. ඔබේ රුව.. ඔබේ රුව..

අඳුර හාදු දෙන සිතුවිලි ගොන්නේ
තරු කඩා වැටෙයි සඳ අමාවකයි
ඉකි බිඳ ඉකි බිඳ සිතුවිලි සිරකර
හිත හඬා වැටෙයි ගත මිලාන වෙයි..

රළ බි‍ඳෙන තරම් සැඩ සුළන් සරින්
මතකය පමණයි සෙනෙහස සසලයි
මිහිකත නැවතී ලොවම එපා වී..
මට ඔබ පමණයි ඔබෙ රුව පමණයි

සුසුමන් සලයි..

No comments:

Post a Comment