තනිකම හුරු - උදය ශ්‍රී

තනිකම හුරු දෙනෙත පුරා 
උණු කදුළැලි රූරා ගියා 
ඔබ නෑ නෙත් මානේ 
හමුවේවිද ආයේ..// 

සිතු පැතුමක කදුළු තියා 
මට නොකියම ඉවත ගියා 
හිමි දුක පිස දමමි කියා 
සමනළියක් තුරුළු වුනා 
ම‍හදේ ගලනා 
මේ දුක තාම ඔබ ‍දන්නේ නෑ 
මේ දුක තාම ඔබ ‍දන්නේ නෑ....... 

තනිකම හුරු දෙනෙත පුරා...

තනි වුනු දුක මගෙම වෙලා 
දින එක එක ගෙවිලා ගියා 
ඔබ ආවත් සිනහ වෙලා 
මගෙ හිත සනසන්න කියා 
ම‍හදේ ගලනා 
මේ දුක තාම ඔබ ‍දන්නේ නෑ 
මේ දුක තාම ඔබ ‍දන්නේ නෑ... 

තනිකම හුරු දෙනෙත පුරා...

No comments:

Post a Comment