සැනසුම් සුසුමන - ටී.එම්. ජයරත්න

සැනසුම් සුසුමන් පාවීලා
සඳ කැන් වතුරෙන් නෑවීලා....//
තරුමල් අතරින් රිංගලා
කොහි යන්නෙද මා තනි කරලා....//

රෑ සඳපානේ සීතල පවනේ
නාමල් අරණේ ලා දළු සෙවනේ....
මා ළය කර ඔබගේ සුව යහනේ
ගෙවුණු අතීතය මතකද මිහිරේ....//

සැනසුම් සුසුමන් ....

දෑසට පෙනෙනා එකම රුවක් වෙයි
ඒ රුව මා නෙත අංජනයයි....
ජීවන ගීතේ තනුව වයන්නෙමි
ඈ එනතුරු මා තනිවීලා...//

සැනසුම් සුසුමන් ....

No comments:

Post a Comment