ඔබ ඈත සඳ - බණ්ඩාර අතාවුද

ඔබ ඈත සඳ වී පායා
මම මෑත තරුවක පිපිලා
මේ නිසල රැයේ ලොව නිදනා
මා ඔබ ඔබ මා ළඟ ඉන්නා......


අප දුරින් දුරක වුව තනියේ
නෙත් සරින් පමණි හමුවූයේ
ඒ ඈත් බවිනි හද අඳුරේ
සෙනෙහසේ සොඳුරු බව පිරුනේ...

ඔබ ඈත සඳ....

මධු සඳ තරුවද හමුවීලා
සිටියද ඔබ මා ළංවීලා
ඒ දුරක එදා අප පිපිලා
තිබු සොඳුරු සෙනේ ගඟ සිඳිලා..

ඔබ ඈත සඳ....

No comments:

Post a Comment