අතැඟිලි බැඳුනේ - ඉන්ද්‍රාණි පෙරේරා

අතැඟිලි බැඳුනේ ඇයි මේ විලසින් 
ඔබ හමුවෙන්න කලින් 
සෙනෙහස ඔබගේ කෙලෙස විඳින්නද 
අන්සතු ළඳකි මෙ මං.... 

ඔබ ළඟ ඉන්නට ඔබ ලැබ ගන්නට 
මා හට නොමැත වරම් 
මිහිපිට මා හට නැහැ වෙන සතුටක් 
ඔබෙ රුව දකින තරම් 
සෙනෙහස ඔබගේ කෙලෙස විඳින්නද 
අන්සතු ළඳකි මෙ මං.... 

සිත සිත ඔබ ගැන දින දින ළතවෙමි 
වෙන මා කරමි කුමක් 
හමුවුණෙ ඇයි අපි ඇසුරු කරන්නට 
එය මා සිතට දුකක් ‍
සෙනෙහස ඔබගේ කෙලෙස විඳින්නද
අන්සතු ළඳකි මෙ මං....

සිතු පැතු සැම දේ නැහැ ඉටුවෙන්නේ 
ලොව අපි පතන ලෙසින් 
මතු එක්වෙන තුරු යළි වෙන්වෙමු අපි 
ඔබ හට ආයුබොවන් 
සෙනෙහස ඔබගේ කෙලෙස විඳින්නද 
අන්සතු ළඳකි මෙ මං....


No comments:

Post a Comment