කුසුම් පිපී තුරු මතේ - සෝමතිලක ජයමහ

කුසුම් පිපී තුරු මතේ
සුවඳ හමයි දස අතේ //
කෝකිල කූජනය නැගේ
ලිය ගොමු අතරේ
මධුර වසන්තේ
කුසුම් පිපී තුරු මතේ
සුවඳ හමයි දස අතේ //

රේණු සැලේ වැලි තළේ
පෙති ගිලිහී දිය වැළේ...//
ගඟබඩ තුරු වදුල තුලේ
කුරුළු ගී ඇසේ
මධුර වසන්තේ...

කුසුම් පිපී තුරු මතේ
සුවඳ හමයි දස අතේ...//

ගම්මානය කෙළවරේ
පන්සල් බිම බෝ රුකේ...//
සිළි සළි ගා කොල නැටවේ
සම්බුදු මිහිරේ
මධුර වසන්තේ...

කුසුම් පිපී තුරු මතේ
සුවඳ හමයි දස අතේ...//

අඹ මල් පොකුරට වෙලා
ලේනෙකු ටිං ටිං කියා
මධු රස ගී ගය ගයා
අම රස වින්දේ
මධුර වසන්තේ...

කුසුම් පිපී තුරු මතේ
සුවඳ හමයි දස අතේ....//
කෝකිල කූජනය නැගේ
ලිය ගොමු අතරේ
මධුර වසන්තේ
කුසුම් පිපී තුරු මතේ
සුවඳ හමයි දස අතේ...//

No comments:

Post a Comment