සිහිල් සුළං රැල්ලේ - වික්ටර් රත්නායක

සිහිල් සුළං රැල්ලේ  ඔබේ සුවඳ මුසුවේ //
ආදරයේ මඳ සිනිඳු පහස ලැබ හදවත දළු සෙලවේ

සිහිල් සුළං රැල්ලේ ඔබේ සුවඳ මුසුවේ...

සුදු වැලි කතරේ පිපුනු මල වගේ
ලොවුතුරු රස ගංගා //
ඔබේ ආදරේ වරුසා වැහැලා
කතර දෙව් ලොවක් වේ...

සිහිල් සුළං රැල්ලේ...

සීත හිමව්වේ කඳු ගැට අතරේ
සෙනෙහස දිය දහරා //
ඈත හිමේ කඳු අතරේ පාවෙන
අමා සුවය පැතුවේ...

සිහිල් සුළං රැල්ලේ...

No comments:

Post a Comment