දෛවයෝගයකින් - වික්ටර් රත්නායක

දෛවයෝගයකින් නොවේදෝ
හමුවුණේ අප හමු වුණේ
දෛවයේ සරදම් ලබන්නට
කිම මෙසේ අප හමුවුණේ //

ඇදුරුතුමියයි ප්‍රේමයේ ඔබ
ඇදුරුතුමියයි යෞවනේ //
ශෝකයේ රුදු වේදනාවේ
කඳුළු සයුරේ උල්පතයි

දෛවයෝගයකින්...

නඳුන් උයනයි ස්නේහයේ ඔබ
සඳුන් සිලිලයි ජීවිතේ //
සොම්නසේ ආනන්දයේ
හසරැල් තරංගේ උල්පතයි

දෛවයෝගයකින්...

No comments:

Post a Comment